සමගිය බලය වේ


"එකමුතුකම" කියන්නේ සමාජයට අත්‍යාවශ්‍යයම දෙයක්. අපේ පැරණි සමාජයේ අය, මේ එකමුතුකම කියන දේ, එක එක කතාන්දර හරහා අපිට සරලව පැහැදිලි කළා. ඒවායෙන් ගොඩක්ම ප්‍රසිද්ධ කතාව තමයි වටු කුරුල්ලන්ගේ කතාව. වැද්දා එලපු දැලේ පැටලුනු වටු කුරුලු රෑන, එකා වගේ එකමුතුවෙලා, මුළු දැලම උස්සන් ඉගිලිලා ගියා.

ඒ වගේම එකමුතුකම ගැන කියනකොට මතක් වෙන තවත් කතාවක් තමයි කෝටු කෑලිවල කතාව. තමන්ගේ පුතාලා තුන් දෙනාට, කඩන්න කියලා තනි කෝටු කෑල්ල ගානේ දුන්න තාත්තා, ඊළගට කෝටු කෑලි තුනම එකට තියලා කඩන්න කියලත් නියෝග කරනවා. තනි කෝටු කෑල්ල කැඩුවත්, කෝටු කෑලි තුනම එකට තියලා කඩන්න බැරි වුණු නිසා පුතාලා තුන්දෙනා එකමුතුකමේ අගය ගැන වටහා ගත්තා.

හැබැයි ඒ ගොඩක් ඉස්සර.....

අද කාලෙ විදිහට, එකමුතුකම ගැන උදාහරණයක් කියන්න කිව්වොත්, මම නම් පෙන්නන්නෙ මහා පාරෙ තියෙන කහ ඉරයි (සුදු ඉර). අද කාලෙ ලංකාවෙ කහ ඉරකින් පාර පනිනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවේ. කහ ඉරේ මැදක් වෙනකන් ගියත්, වාහන නවත්තන්නෙ නැති කාලයක් මේක. හැබැයි එහෙම වෙන්නෙ තනියෙන් පාර පැන්නොත්. ඒත් පාර පනින්න තවත් මිනිස්සු එකතු වෙනකන් ඉදලා, ඒ හැමෝම එක්ක, එකට ඉදගෙන පාර පැන්නොත්, ඔන්න ඉතින් කෙලගෙන එන වාහන ඔක්කොම ටික කොහොම කොහොම හරි නවත්ත ගන්නවා.

ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට ජාති, ආගම්, කුල, මල, ගෝත්‍ර, දුප්පත්, පොහොසත්, ආණ්ඩු පක්ෂ, විපක්ෂ, පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ විශ්වවිද්‍යාල, සමන්තබද්‍ර පාර්ශවය, කිරිබත්ගොඩ පාර්ශවය, අපි දකුණෙ, අපි කොළඹ............ වගේ එක එක විදිහට, එක එක හේතු නිසා බෙදුනත්, කහ ඉරෙන් පාර පනිනකොට නම් බොහොම එකතුයි. එතකොට ඒ අය අතරේ අර කියපු මොනවත්ම නෑ. හැමෝම එකතුවෙලා එකා වගේ පාර පනිනවා.

කහ ඉරේදී පාර පනින්නේ අපි දන්න අදුරන අය නෙවේ. හැබැයි ආදරෙයි ඒ හැමෝටම...!!!!!
By : Danula

2 comments:

  1. නියමයි golf job👍👍👍👍

    ReplyDelete
  2. නියමයි😊

    ReplyDelete

Powered by Blogger.