SF මෙහෙයුම


අද මහරගම තාප්ප දිගේ අලුත් පෝස්ටර් තොගයක් අලවලා තියෙනවා දැක්කා. ඒවායෙ තිබ්බෙ 6 වසරෙ ළමයි වෙනුවෙන් පවත්වන සිංහල සහ බුද්ධාගම විෂයන් ඉලක්ක කරපු උපකාරක පන්තියක් ගැන. 

පෝස්ටරේටත් වඩා ලොකුවට පොල් අකුරෙන් මාතෘකාව ගහලා තිබ්බෙ "SF මෙහෙයුම" (ඔව්. හොද වෙළද උපායක්) කියලා. SF කියන අකුරු දෙකේ තේරුමත් පහළින් ලියලා තිබුණා. SF කියන එකෙන් අදහස් කරලා තියෙන්නෙ Section First කියලයි.

ඒ කියන්නෙ මේ පන්තියට බැදුනොත් මුළු 6 වසර අංශයෙන්ම පළවෙනියා වෙනවා කියන අදහසයි. අපේ කාලෙ නම් ළමයිගෙ ඔළුවෙ තිබ්බෙ පන්තියෙන් පළවෙනියා වෙන්න. ඒත් දැන් මුළු අංශයෙන්ම පළවෙනියා වෙන්න..?????


අනිත් එක තමයි ඉතුරු විෂයන්වලට නැතුව, සිංහල සහ බුද්ධාගමට විතරක් ඉහළ ලකුණු අරගත්තත්, මුළු අංශයෙන්ම පළවෙනියා වෙන්න පුලුවන් වෙයිද? දැවෙන ප්‍රශ්න මෙව්වා..!!!
By : Danula

No comments:

Powered by Blogger.