තෙරුවන් සරණයි


" මට භාවනාව ඉගෙන ගන්න ආසයි. භාවනාවට සුදුසු පරිසරයක් තියෙන, භාවනාව උගන්වන ස්ථානයක් ගැන කියන්න. මම කැමතියි ලංකාවට ඇවිත් කෙටි කලකට භාවනාව ඉගෙන ගන්න "

ඒ, මාසෙකට විතර කලින් අපේ Buddhist Places In Sri Lanka Facebook පිටුවට, මැද පෙරදිග රටක ඉන්න මුස්ලිම් ජාතික තරුණයෙකුගෙන් ආපු පණිවිඩයක්...... 

ඒත් මට ඒ පණිවිඩයට ප්‍රතිචාරයක් ලියන්න අමතක වුණා. ඊට දවස් දෙකකට පස්සෙත්, ඊටත් දවස් කිහිපයකට පස්සෙත් මේ කෙනා, දිගින් දිගටම මේ ප්‍රශ්නයම එවන්න ගත්තා. ඒත් කාර්යබහුල ජීවිතය නිසා, ප්‍රතිචාරයක් ලියන්න වෙලාවක් හම්බුණේ නෑ. 

ඊටත් සතියකට පස්සෙ "ඔබෙන් පිළිතුරක් ලැබෙන තුරු තවමත් බලා සිටිමි" කියලා ආයිත් පණිවිඩයක් එවලා තිබුණා.

ඊට පස්සෙ එයා වෙනුවෙන් පොඩි කාලයක් වැය කරලා, අපේ රටේ භාවනාව උගන්වන මධ්‍යස්ථාන, ආරාණ්‍ය සේනාසන සහ හාමුදුරුවරුන් ගැන විස්තර සහ සම්බන්ධ කර ගැනීමේ දුරකතන අංක කිහිපයක් යැව්වා...... 

එ වෙලාවෙම එයා "ස්තූතියි" කියලා පිළිතුරක් එවලා තිබුණා..... ඊට පස්සෙ කිසිම ආරංචියක් ලැබුණෙ නෑ. අද එයාගෙන් ආයිත් පණිවිඩයක් ආවා. ඒ පණිවිඩයේ තිබුණේ මෙහෙම දෙයක්....

ඔබ ලබා දුන් තොරතුරුවලට ස්තූතියි. ඔබ ලබා දුන් තොරතුරු අනුව මම සදුන් අරණ ආරාණ්‍යයට ආවා. අද මම තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වුණා. තෙරුවන් සරණයි " 



By : Danula

No comments:

Powered by Blogger.