චිත්‍ර පන්තිය


පුතා : තාත්තෙ මම අද ගණන් පන්ති යන්නද? නැත්නම් චිත්‍ර පන්ති යන්නද?

තාත්තා : චිත්‍ර පන්ති යන්න !

පුතා : මම ගණන් පන්ති යන්නම්කො

තාත්තා : නෑ නෑ. ගණන් පන්ති ඕන නෑ. චිත්‍ර පන්ති තියෙන්නෙ අද විතරයි නෙහ්! අද චිත්‍ර පන්ති යන්න. වෙන දවසක ගණන් පන්ති යන්න.

පුතා : අනේ !!!!

තාත්තා : චිත්‍ර පන්ති ගියොත් සෞන්දර්යාත්මක හැකියාව වැඩි දියුණු වෙනවා. ගණන්, විද්‍යාව ඉගෙනගෙනම හරියන්නෙ නෑ. මේවත් තියෙන්න ඕන. කලාව ඉගෙන ගත්තොත්, ඉස්කෝලෙ ගියායින් පස්සෙත් ඕනම දෙයක් කරන්න පුලුවන්. හොද මනුස්සයෙක් වෙන්න ඕන නම්, චිත්‍ර පන්තියට යන්න...!!!!!

[නිදාගෙන ඉන්නකොට දැකපු හීනයක් එහෙම නෙවේ. ඇස් දෙකෙන් දැකපු ඇත්ත සිද්ධියක්]
By : Danula

No comments:

Powered by Blogger.