අප සැමට බුදු සරණයි


සමහරක් ගොඩනැගිලිවල, සමහරක් නිවාසවල ලොකූවට ප්‍රදර්ශනය කරලා තියෙනවා එක්තරා වාක්‍යයක්.... 

"මෙම නිවසට බුදු සරණයි",
එහෙම නැත්නම් "මෙම ගොඩනැගිල්ලට බුදු සරණයි" කියලා......


එහෙම ප්‍රදර්ශනය කරන්නෙ ඇස් වහ කට වහ වළක්වන්න. ගොඩනැගිල්ල දිහා බලන කෙනාට, මුලින්ම බැලෙන්නෙ ඒ වාක්‍යයි. ඒ නිසා "ෂා ලස්සන ගොඩනැගිල්ලක්" කියලා කියනවා වෙනුවට, ඒ කෙනා "මෙම ගොඩනැගිල්ලට බුදු සරණයි" කියලා කියවනවා. ඇත්තම කිව්වොත්, නිරායාසයෙන්ම කියවෙනවා.

ඒත් අද එනකොට දැක්කා, ගොඩනගමින් යන ගොඩනැගිල්ලක මෙහෙම පුවරුවක්....

"අප සැමට බුදු සරණයි"


බලන්න කොයිතරම් නිහතමානී වාක්‍යක්ද කියලා...????? ගොඩනැගිල්ලේ පිරිසට වගේම, ඒ වාක්‍ය කියවන කෙනාටත් බුදු සරණ ප්‍රාර්ථනා කරනවා.. !!!!!
By : Danula

No comments:

Powered by Blogger.