මල් එක


හැමදාම උදේ විජේරාම හංදියේ බස් හෝල්ට් එකේදි, 138 පාරෙ කොළඹ පැත්තෙ ඉදන් එන බස් එකකින් ටිකක් වයසක ගැහැණු කෙනෙක් බහිනවා. 

කොණ්ඩෙ කපපු, හරිම මිටි, කළු, කෙට්ටු කෙනෙක්. අද හෝල්ට් එකේ හිටියෙ මම විතරයි. මේ කෙනා බස් එකෙන් බැහැලා ටිකක් වෙලා මං දිහා බලන් ඉදලා, මම ළගට ආවා.

හැමදාම එයාගෙ අතේ පොඩි බෑග් එකක් තියෙනවා. අදත් ඒ බෑග් එක තිබුණා. අවුරුදු තුනක් තිස්සෙ හැමදාම දැක්කත්, මීට කලින් මාත් එක්ක කතා කරලා තිබුණෙ නෑ. එයා මං ළගට ඇවිල්ලා, බෑග් එක ඇරලා, මට කිව්වෙ එකම එක දෙයයි.......

"පුතා, මේ මල් එකට අත ගහන්න"
By : Danula

No comments:

Powered by Blogger.