නළා හඩ


ආදරණීය දෙමාපියනි,

දෙසැම්බර් සැණකෙලි සමයේදී පැත්ත පලාතකවත් සොයා ගැනීමට නොලැබෙන, එහෙත් වෙසක් සමයේදී පමණක් දක්නට ලැබෙන, වෙසක් සිරි නරඹන්නන්ගේ රසවින්දනයට බාධාගෙන දෙන, හිත ගැස්සෙන, කණට අමිහිරි, කණ් අඩි පලන, හඩක් නිකුත් වන වරක් වරක් පාසා ඔබගේ මව සහල් ගරමින් සිටින අයුරු මතක් වන, ප්ලාස්ටික් නලාවක්............... 


වෙසක් පුන් පොහෝ දින තොරණක් අසලදී, පහන් කූඩුවක් අසලදී.......... 

ඔබගේ හය හතර නොදන්නා දරුවා වෙනුවෙන් මිළදී ගැනීම නතර කිරීමට, අපට කළ හැකි දෙයක් නොමැත. 

එය ඔබගේ පූර්ණ අයිතියකි.......

එමෙන්ම අනෙකුත් දින 364 පුරාවටම, දවසේ පැය 24 පුරාවටම, ඔබගේ නිවසේ රැව් පිළිරැව් දෙන, ඒ සුමිහිරි නළා හඩ නතර කිරීමටද, අපට කළ හැකි දෙයක් නොමැත. 


එය ඔබගේ පූර්ණ කරුමයකි........
By : Danula

No comments:

Powered by Blogger.