ගන්ඨා නද


අද හවස 6.30ට විතර ජ'පුර වාසිටිය එහා පැත්තෙ තියෙන සුනෙත්‍රාදේවි විහාරයේ ගන්ඨාරය සෑහෙන වෙලාවක් තිස්සෙ, නොනවත්වාම එක දිගටම ගහගෙන ගහගෙන ගියා. 

ඉතින් පන්සල ළග හිටපු අය විතරක් නෙවේ, පන්සලට ඈතින් හිටපු අයත් ඒ පැත්තට යන්න ගත්තා. පාර එහා පැත්තෙ හිටපු අයත් පාර පැනගෙන දුවගෙන ගියා. 

ඒ වෙලාවෙ පන්සල ළගින් නැදුන්ගමුවෙ රාජා වගේ හෙමින් හෙමින් ගෙදර යන ගමන් හිටපු මමත්, ටිකක් පය ඉක්මන් කරලා පන්සල පැත්තට ගියා.

පන්සල ළගට ගිහින් බැලින්නම්, ඒ වෙලාවෙ පන්සලේ 'පොඩි' කප්රුක් පූජාවක්! 

ගන්ඨාව නාද කළ උපාසක මහතා වෙත, 

ඔබගේ සන්නිවේදන හැකියාව 0යි. 
ඔබ තවමත් නිපුණතා මට්ටමට පැමිණ නැත. 
තවත් උත්සාහ කරන්න ! 
By : Danula

No comments:

Powered by Blogger.