දැනුම සහ බුද්ධිය

අද උදේ විජේරාම හංදියේ කහ ඉරෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් පාර පැන්නා. එයා සිංහල භාෂාව සහ සමාජ විද්‍යාව ගැන, අපේ රටේ බොහොම ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. හැබැයි ඉතින් එහෙම පැන්නෙ කහ ඉරේ රතු පත්තුවෙලා තියෙද්දිමයි. ධාවන තීරුවේ කොළ එළිය පත්තුවෙලා තිබ්බ නිසා අධික වේගයෙන් ආපු ලොරියකුයි, ත්‍රීවිල් එකකුයි අනූ නමයයි දශම නමයෙන් තමයි නවත්තගත්තෙ. ඒ වෙලාවෙ කහ ඉරේ කොළ එළිය පත්තු වෙන්න ඉතිරි වෙලා තිබුණෙ තත්පර 10ක් වගේ සුළු කාලයක්. මම ගොඩක් ආස කරන සහ ගරු කරන චරිතයක්. ඒත් ඒ වෙලාවෙ මට ගොඩක් පුදුම හිතුනා, සාමාන්‍ය මිනිස්සුත් කොළ පත්තුවෙනකන් ඉවසීමෙන් ඉන්නකොට, මහාචාර්යතුමාට ඇයි තත්පර 10ක් ඉන්න බැරිවුණේ කියලා. මොකද මහාචාර්යතුමා ඒ වෙලාවෙ අර ලොරියට එහෙම යට වුණා නම්, ඒකෙ පාඩුව එතුමාට නෙවේ. රටටයි..... පස්සෙ ඉතින් ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට මතක් වුණා "දැනුම සහ බුද්ධිය කියන්නෙ එකක් නෙවේ, දෙකක්" කියලා.....
By : Danula

No comments:

Powered by Blogger.