ඒත් අපිට...?????


අද බස් එකේ එනකොට, මම හිටපු Seat එකට පිටිපස්සෙ Seat එකේ දෙමළ ගෑණු ළමයි දෙන්නෙක් වාඩිවෙලා ආවා. නැගපු වෙලාවෙ ඉදලා දෙන්නම මහා සද්ධෙට කතා කරනවා කරනවා කරනවා ඉවරයක් නෑ. කිලෝ මීටර 8ක් විතර යනකන් මේ දෙන්නා මහා සද්ධෙට Nonstop දෙමළෙන් කතා කර කර ආවා. 

ඒ දෙන්නා කතා කළේ මොනවාද කියලා කියන්න මම දන්නෙ නෑ. ඒත් එයාලා කතා කරපු වචන එකක් නෑර හරිම උනන්දුවෙන් අහගෙන හිටියා. දන්න එක වචනයක් හරි කියයිද බලන්න. ඒත් නෑ. කියන්න දුකයි මෙලෝ අන්ඩර දෙමළයක් තේරුනේ නෑ.

ඒ කාලේ අපේ ඉස්කෝලෙ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම විෂයක් විදිහට ඉගැන්නුවා. මව් භාෂාව නිසා, අපිට ඉපදුනු දවස්වල ඉදන්ම සිංහල පුලුවන්. ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල නිසත්, ලංකාවේ කොහේ බැලුවත් භාවිතා වෙන්නෙ සිංහල නිසත් අපි සිංහල විතරමයි ඉගෙන ගත්තෙ. 

දෙමළ කාල පරිච්ඡේදයේදිත්, ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේදිත් සිංහල විතරක් කතා කර කර හිටපු අපිට දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.
ගෙදර වැඩ කළේ නෑ. පැවරුම් කළේ නෑ. උගන්නන වෙලාවට අහගෙන හිටියෙ නෑ. අතිරේක විෂයක් නිසා ඒ තරම් ගණන් ගත්තෙත් නෑ. පන්ති Cut කරපු අවස්ථාත් නැතුවා නෙවේ. 

සිංහල ළමයි විතරක් නෙවේ, අපිත් එක්ක ඉස්කෝලෙ දෙමළ ළමයි, මුස්ලිම් ළමයි, බර්ගර් ළමයි එහෙමත් ඉගෙන ගත්තා. ඒත් දෙමළ ළමයි, මුස්ලිම් ළමයි සිංහලත් හොදට ඉගෙන ගත්තා. ඉංග්‍රීසිත් හොදට ඉගෙන ගත්තා. බර්ගර් ළමයි සිංහලත් හොදට ඉගෙන ගත්තා. දෙමළත් හොදට ඉගෙන ගත්තා. අද ඒ හැමෝටම භාෂා තුනම හොදට පුලුවන්.... 

ඒත් අපිට...????? 

අපිට දෙමළත් බෑ. ඉංග්‍රීසිත් බෑ.
By : Danula

No comments:

Powered by Blogger.