ශ්‍රී පේමානන්ද මාවත


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිටිපස්සෙ තියෙනවා පාරක්. ඒකට කියන්නේ ශ්‍රී පේමානන්ද මාවත කියලා. දැන් ගොඩක් අය ඒකට කියනවා විශ්වවිද්‍යාල මාවත, එහෙමත් නැත්නම් කැම්පස් පාර කියලා. 

මේ කියන පාර, මම පෙර පාසල් යන කාලයේ ඉදන්ම අබලන් වෙලා තිබ්බ පාරක්. වැඩිය නෑ. මීටර් 350ක්, 400ක් ඇති මේ අබලන් වුණු කොටසට. 

මම 1 වසරෙ ඉන්නකොට ඒ පාර, කෑලි කෑලි ගිහින් තිබ්බෙ. ශිෂ්‍යත්ව පන්තිවල ඉන්නකොටත් එහෙම්මම තමයි. සාමාන්‍ය පෙළ පන්තිවල ඉන්නකොටත්, ඒ විදිහටම කෑලි කෑලි ගිහින් තිබ්බා. උසස් පෙළ කරනකොටත්, NSBM එකේ ඉන්නකොටත්, රස්සාව කරනකොටත් කෑලි කෑලි ගිහින්, වාහනේකට තියා පයින් යන කෙනෙක්ටවත් පහසුවෙන් යාගන්න බැරි වෙන විදිහට ඉරි තලලා, අලි නාවන අලි වලවල් හෑරිලා, පාංශු ඛාදනයවෙලා, වල් වැදිලයි තිබ්බෙ.

ඒත් ඊයේ හදිසියේම මේ පාර වහලා, Full Carpet කළා. දැන් ඒක හරියට දක්ෂිණ අධිවේගී මාර්ගය වගේ. උදේ 8.00ට විතර වහපු පාර හවස 4.00 විතර වෙනකොට විවෘත කළා. ආසන්න වශයෙන් පැය 6යි පිළිසකර කිරීමට ගතවෙලා තිබ්බෙ. 

ඇයි ඒ? 

ඒ, හෙට බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවන්ගේ දේහය රැගත් පෙරහැර ගමන් කරන්නෙ ඒ පාරෙන් නිසා. නිකන් නෙවේ. රාජ්‍ය ගෞරවයත් ඇතුව....

ඒත් බැරිවෙලාවත් නායක හාමුදුරුවන්, අපවත් වුණේ නැත්නම්....?????? 
By : Danula

No comments:

Powered by Blogger.