Star Gate එකෙන් ගියපු අපි


ගිය සතියක වැඩ කරන තැනට ආවා හොදට ඇද පැළද ගත්ත ගෑණු කෙනෙක්. හොද ගාම්භීර පෙනුමක් තියෙන කෙනෙක්. 

එහෙම ඇවිල්ලා කිව්වා " අපි අපලෙකට හරක් නිදහස් කරනවා. අපි සල්ලි තියෙන මිනිස්සු. ඒත් අපලෙ ගෙවෙන්න නම් තමන්ගෙ සල්ලි නැතුව, ඒකට අනිත් අයගෙ සල්ලිවලින් කරන්න ඕන" කියලා. 

අද බස් එකේ එනකොට බස් එකට මනුස්සයෙක් ගොඩ වුණා. එයා කියනවා අපලයක් නිසා හිගමන් යදින්න වෙලා. ඒ හම්බවෙන සල්ලිවලින් දානයක් දුන්නම, අපලෙ නැති වෙනවලු.

මොකක්ද දෙයියනේ අපේ රටේ මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ? ඉස්සර කාලෙ Star Gate එකකින් එහෙ මෙහේ ගියපු මිනිස්සුලු නේද..????? 
By : Danula

No comments:

Powered by Blogger.