Typical Sri Lankan 2


අපේ සේවාදායකයෙකුට දවස් පහක් ඇතුළත වෙබ් අඩවියක් හදාගන්න ඕන වුණා. අපි ඉතින් හතරවෙනි දවස වෙනකොට හදලා දුන්නා. පස්වෙනි දවසෙ දවල් මේ මනුස්සයා පිටු දෙකක විතර කොළයක් පිරෙන්න වෙනස්කම් ලැයිස්තුවක් කිව්වා. 

ඊට පස්සෙ කියපි "අද හොද නැකතක් තියෙන දවසක්. කොහොම හරි මට Website එක අදම ඉවර කරලා දෙන්න. අදම Launch කරන්න ඕන. නැත්නම් ආයිත් ලබන මාසෙ අහවල් දවස වෙනකන් ඉන්න වෙනවා" කියලා. 

කොහොම හරි ඉතින් අන්තිම මොහොතෙ නිසා අපිට ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා. දැන් ඉතින් එයාට හොදටම මළ පැනලා. අපිට අවුරුදු 100කට ඇති වෙන්න හොදවැයින් දේවල් ගොඩක් කිව්වා. ඊට පස්සෙ කිව්වා තව මාස එක හමාරකින් දාන්න කියලා. ඊට සතියකට පස්සෙ ඔන්න ආයිත් සුභ නැකතක් තියෙන දවසක් හොයාගෙන කොහොම හරි. 

අපිට එදාට මේක දාන්නලු, උදේ 9.00 සහ 10.00 අතර. වැඩේ කියන්නෙ එදා අපි නිවාඩු. එදා විශේෂ දවසක්. ඒ තමයි වෙසක් දවස. ඒත් මේ යකාගෙන් වදේ. අපි මොකක්ද දන්නවද කළේ? අපි කළේ වෙසක් දවසට කලින් දවසෙම ඒ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරලා, ගෙදර ගියා. 

ඒත් අපේ සේවාදායකයා නම් වෙබ් ලිපිනයට පිවිසෙන්න නැකැත් දවසෙ, නැකැත් වෙලාව එනකන්ම හිටියා. එයා හිතුවෙ අපි ඒ වෙලාවෙම ඒක දැම්මා කියලා.
By : Danula

No comments:

Powered by Blogger.