රථ පෙරහැර


අද පන්නිපිටිය හංදියයි, කොට්ටාව හංදියයි අතරෙ තිබ්බ Traffic එක අස්සෙන් VIP කියලා සම්මත කර ගත්ත කෙනෙක්ගේ වාහන පේළියක් ගියා. මුලින්ම පොලිස් මෝටර් සයිකලය. ඊට පස්සෙ හමුදාවෙ ජීප් එක. ඊට පස්සෙ VIP කෙනාගෙ වාහනේ. ඊට පස්සෙ ආයිත් හමුදාවෙ ජීප් එකක්...... සති අන්තයක් ලබන්න ඔන්න මෙන්න තියෙන සිකුරාදා වගේ දවසක හවස් වරුවක, කොළඹ ඉදන් එන වාහන පෝලිම ගැනත්, කොට්ටාව හංදියේ තියෙන Traffic එක ගැනවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

එච්චර විශාල මාර්ග තදබදයක් තියෙද්දිත්, අර කියපු VIP යැයි සම්මත කර ගත්ත කෙනාගෙ රථ පෙරහැර ගියේ හරියට දක්ෂින අධිවේගී මාර්ගයේ යනවා වගේ. ඒ කියන්නෙ අනිත් මිනිස්සුන්ගෙ වාහනවල ගෑවී නොගෑවී (ඒ එන වේගයට බැරි වෙලාවත් හැප්පුනා නම් ඉතින් බඩු බනිස්).....

ඒ වෙලාවේ Traffic එකේ විශාල මෝටර් සයිකල් පෝලිමක්, එක දිගටම නැවතිලා තිබුණා. ආසන්න වශයෙන් මෝටර් බයිසිකල් 15ක් විතර තිබුණා. එක එක සමාජ මට්ටම්වල ඉන්න, එක එක ප්‍රදේශවල ඉන්න, එක එක ගමනාන්තවලට යන, එක එක විදිහේ මිනිස්සු..... අර වාහන පෙරහැර, එයාලගෙ බයිසිකල්වල ගෑවි නොගැවී යනකන් බලන් හිටපු එයාලා, වාහන පෙරහැර ගියායින් පස්සෙ, එයාලගෙ එහා පැත්තෙ ඉන්න මෝටර් සයිකල්වල ඉන්න අයත් එක්ක හරි හරියට කතා කරන්න ගත්තා.

කවදාවත් දැකලවත් නැති, අදුරන්නෙවත් නැති, තමන්ගෙ එහා පැත්තෙ වාහනෙ හෝ මෝටර් බයිසිකලේ ඉන්න කෙනත් එක්ක එහෙම කතා කළේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ වගේම ඒ කතා කළේ සුභවාදී දෙයක්ද නැද්ද කියලත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

ඒකට ප්‍රධානම හේතු තුනක් මම දකිනවා. එකක් තමයි රටේ යුද්ධයක් නැතිවීම. දෙවෙනි එක තමයි එච්චරටම හදිස්සි නම්, විනාඩි 10ක් 15ක් කලින් ලක ලැහැස්තිවෙලා එන්න උනන්දුවක් නොතිබීම. තුන්වෙනි එක තමයි එච්චර සැප සම්පත් තිබිලත්, රටේ මිනිස්සු වෙනුවෙන් සෑහීමකට පත්වෙන්න පුලුවන් වැඩක් නොකිරීම සහ කැප නොවීම.

ඉතින් මේ VIP කෙනා, මේ ගමන ආරම්භ කරපු වෙලාවෙ ඉදලා ගමන අවසන් කරනකන්ම, පාරෙ යන එන සාමාන්‍ය මිනිස්සු කී දෙනෙක් නම්, තමන්ගෙ එහා පැත්තෙ ඉන්න කෙනත් එක්ක මේ විදිහට කතා වෙන්න ඇතිද? දොස් කියන්න ඇතිද? කුණුහරුපෙන් බනින්න ඇතිද? මමත් ඇතුළුව කී දෙනෙක් නම් ඒ අයට හිතින් "හෙණ" ඉල්ලන්න ඇතිද?

ඒත් පුදුමෙ කියන්නෙ, දකින දකින කෙනා එච්චර "හෙණ" ඉල්ලලත්, දොස් කියලත්, කුණුහරුපෙන් බැනලත්, ශාප කරලත්....... මේ VIP කියන අය තවමත් යහතින් ජීවත් වෙන එක නෙහ්...!!!!!


Photo Credits - Chamal Pathirana
By : Danula

No comments:

Powered by Blogger.