ශාපලත් 2018

අද 2018 දෙසැම්බර් 31 වෙනිදා. ඒ කියන්නේ 2018 වර්ෂයේ අන්තිම දවස. හෙට 2019 නව වර්ෂය උදා වෙනවා. මේ 2018 වර්ෂය ගැන කතා කරනවා නම්, 2018 වර්ෂය කියන්නෙ අනිත් වර්ෂවලට සාපේක්ෂව රටට ණය නැති, ඒත් රටම ණයගැති "අතිවිශාල" පිරිසක් අපට අහිමි වුණු වර්ෂයක්. මේ, ඒ අය ගැන සිහිපත් කරන කෙටි ආවර්ජනයකි...



අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමි (2018.02.03)
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී, KAICIID උපදේශන මණ්ඩලයේ සාමාජික, ජාතික සංඝ සම්මේලනයේ ආදි කතෘ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යන පාසලේ භාහිර මහාචාර්ය, ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි මහා සංඝ සභාවෙහි අනු නායක, ප්‍රවීණ ග්‍රන්ථ රචක, විචිත්‍ර ධර්ම කථික සහ දේශක...
අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි (2018.02.22)
අභිධර්මය විෂය පිළිබඳ ප්‍රවීණ ග්‍රන්ථ රචක, විචිත්‍ර ධර්ම කථික සහ දේශක...
අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි (2018.03.03)
කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ, බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවේ නිර්මාතෘ, විචිත්‍ර ධර්මකථික, ප්‍රවීණ දේශක...
රත්නාවලී කැකුනවල මහත්මිය (2018.04.07)
ප්‍රවීණ රංගන ශිල්පිනී...
අති පූජ්‍ය අහංගම ආනන්ද නා හිමි (2018.04.09)
වැල්ලවත්ත ශ්‍රී විජයාරාමාධිපති, මෙත් සවිය අනුශාසක, අමරපුර ශ්‍රී ධර්මරක්‌ෂිත මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සාහිත්‍ය විශාරද, ප්‍රවීණ සත්ව අවිහිංසාවාදී...

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා (2018.04.29)
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක (ලාංකීය සිනමාවේ පියා)...
හේම නලීන් කරුණාරත්න මහතා (2018.06.04)
රූපවාහිනී වාර්තා වැඩසටහන් නිෂ්පාදක, රූපවාහිනී වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂක, Heritage Tv රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ, ප්‍රවීණ දේශක, ප්‍රවීණ නිවේදක...

සෝමවීර සේනානායක මහතා (2018.06.09)  
ප්‍රවීණ ටෙලිනාට්‍ය පිටපත් රචක, ප්‍රවීණ කෙටි කතා සහ නව කතා ලේඛක, ප්‍රවීණ පුවත්පත් සහ සඟරා ලේඛක, ප්‍රවීණ චිත්‍රකතා ශීල්පී, ප්‍රවීණ විචාරක, නාට්‍ය රචක, භාෂා පරිවර්තක, තිර රචක, රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක, පුවත්පත් උප කතෘ සහ ප්‍රධාන කතෘ... 
සිරිල් පෙරේරා මහතා (2018.06.13)  
ප්‍රවීණ සංගීතවේදී...

අයිවෝ ඩෙනිස් මහතා (2018.06.18)  

ප්‍රවීණ ගායන ශිල්පී, ප්‍රවීණ සංගීතවේදී...

රෝයි ද සිල්වා මහතා (2018.06.30) 
ප්‍රවීණ රංගන ශිල්පී සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක...

ප්‍රියානි ජයසිංහ මහත්මිය (2018.07.08)
ප්‍රවීණ ගායන ශිල්පීණී...
තිස්ස ගුණවර්ධන මහතා (2018.07.22)

ප්‍රවීණ නාට්‍යවේදී, චිත‍්‍ර සහ මූර්ති ශිල්පී...
ඉන්දික ගිනිගේ මහතා (2018.07.24)
ප්‍රවීණ රංගන ශිල්පී සහ ප්‍රවීණ ගායන ශිල්පී...
ඉන්ද්‍රජිත් නාවින්න මහතා (2018.08.08)
ප්‍රවීණ රංගන ශිල්පී...

ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා (2018.08.08)
ප්‍රවීණ ගායන ශිල්පී...
බලංගොඩ සරත් මධු මහතා (2018.08.17)
ප්‍රවීණ චිත්‍ර ශිල්පී...













ජෙනරල් රොහාන් දළුවත්ත මහතා (2018.08.27)
හිටපු ශ්‍රී ලංකා යුධ හමුදාපති...
රොනී ලීච් මහතා (2018.10.01)
ප්‍රවීණ රංගන ශිල්පී, ප්‍රවීණ ගායන ශිල්පී, ප්‍රවීණ නිවේදක...





















සුනිල් ප්‍රේමකුමාර මහතා (2018.10.02)
ප්‍රවීණ රංගන ශිල්පී...

* මෙම සටහනෙහි ඇති සියලු ඡායාරූපවල අයිතීන්, එහි මුල් අයිතිකරුවන් සතුය.
By : Danula

No comments:

Powered by Blogger.