අම්මා


දවසක් රැකියා ස්ථානය තියෙන ප්‍රදේශයේ මුළු දවස පුරාම විදුලි කප්පාදුවක් සිද්ධ වුණා. රැකියා ස්ථානයේ පොඩි පොත් රාක්කයක් තියෙනවා. මේ පොත් රාක්කයේ තියෙන විවිධ පොත් අතරේ තිබිලා තමයි මට එදා උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොත අහු වුණේ. ඒ 2016 අවුරුද්දේ මැද වගෙ.... එදා දවස පුරාම ඒ පොත කියෙව්වා. ඒ පොතට ඇබ්බැහි වුණා. ඊට පස්සේ රැකියා ප්‍රදේශයේ විදුලිය විසන්ධි කරන කරන වෙලාවට මේ පොත කියවන්න ගත්තා.

2016 අවුරුද්දෙ ඉදලා කියවන්න ගත්ත ඒ පොත, අන්තිමට කියවලා ඉවර වුණේ 2019 අවුරුද්දෙ අප්‍රේල් 03, 04 වගේ මේ ඊයේ පෙරේදා දවසකයි. ඉතින් අවුරුදු 3ක් තිස්සෙ මට මේ පොතේ මුල ඉදලා අග වෙනකන්ම (ආසන්න වශයෙන් පිටු 400ක් පමණ) කියවන්න, රස විඳින්න අවස්ථාව සලසා දීපු වර්තමාන රජයට සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට විශේෂ ස්තූතියක් මේ වෙලාවේ පුද කරන්න කැමතියි ❤ ❤ ❤

පහුගිය මාසෙක බදුල්ලට ගියපු විනෝද චාරිකාවෙදිත් අහම්බෙන් දැකපු, බදුල්ල දියතලාව ජනානන්ද විද්‍යාලයේ නාම පුවරුවේ පින්තූරයක් ගහලා මුහුණු පොතේ Share කළෙත්, අම්මා කෘතිය කියවලා ඉවර වෙන මේ මොහොතේ අහම්බෙන් දැකපු මේ ආදරණීය පින්තූරය Share කරන්නෙත්, ඒ පොත තදින්ම හිතට වැදුනු නිසයි....

මොකද ඒ පොතේ සන්නස්ගලගේ අම්මා විතරක් නෙවේ....... මගේ අම්මත් ඉන්නවා.... ඒ විතරක් නෙවේ, මම දන්නවා අනිවාර්යෙන්ම ඒ පොතේ ඔබේ අම්මත් ඇති කියලා...!!!!!! ❤ ❤ ❤

By : Danula

No comments:

Powered by Blogger.