ආනන්දයේ ජාතිවාදය


ඉකුත් අප්‍රේල් 23 වන දින, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ දෙරණ නාලිකාවේදී විකාශය වූ විශේෂ වාද පිටිය වැඩසටහනේදී, ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් කොළඹ ආනන්ද විද්‍යාලය ජාතිවාදී පාසලක් ලෙස සඳහන් කරන ලදී. එබැවින් සැමගේ දුර්මත ඉවත් කිරීම සඳහා මෙසේ ලියා තැබීමට අදහස් කළෙමි.

ආනන්දය යනු 19 වන සියවසේදී අප රටේ ඇති වූ බෞද්ධ පුනරුදයේ ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වූ පාසලකි. ආනන්ද විද්‍යාලය, බෞද්ධ පාසලක් යනුවෙන් හදුන්වනු ලබන්නේ එහි සිංහල බෞද්ධ ළමුන් පමණක් සිටින නිසා නොවන වග අවධාරණය කිරීමට කැමැත්තෙමි. බෞද්ධ පාසලක් ලෙස ආනන්දය හඳුන්වනු ලබන්නේ ආරම්භයේ සිටම සුපිරිසිදු බෞද්ධ දර්ශනය අනුව, යහපත් බෞද්ධ සිතුවිලි සහ ආකල්ප අනුව ගමන් කරන නිසාය. එයින් සැමට යහපතක් මිස අයහපතක් නැත.

ආනන්දයේ දෙමළ ළමුන් බොහෝය. මුස්ලිම් ළමුන් බොහෝය. බර්ගර් ළමුන්ද බොහෝය. අපත් සමඟද බොහෝමයක් දෙමළ, මුස්ලිම්, බර්ගර් ළමුන් එකට හිදිමින්, එක බඩ වැල කඩාගෙන පැමිණි සහෝදරයන් සේ අධ්‍යාපන කටයුතුවල නිරත වූවෝය.

එබැවින් ආනන්දය බෞද්ධ පාසලක් ලෙස හැඳින්වීමට හේතුව නිසි ලෙස නොදැන, ආනන්ද භූමිය වෙත එක තත්පරයකුදු පය නොතබා, ආනන්දය නොදැක, ආනන්දය ජාතිවාදී පාසලක් ලෙස සඳහන් කිරීම කෙතරම් අසාධාරණද?
By : Danula

No comments:

Powered by Blogger.