නිකං WIFI


" 2015 අවුරුද්දේ තිබ්බ ජනාධිපතිවරණ ඡන්දය තමයි, මගේ පුතාගේ පළවෙනි ඡන්දය. එයා ඡන්දය දුන්නෙ මෛත්‍රිපාල සිරිසේනට. ඡන්දය දාලා ආවට පස්සෙ, මම එයාගෙන් ඇහුවා 'ඇයි ඔයා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නෙ?' කියලා. එතකොට එයා කිව්වා 'මෛත්‍රිපාල අපිට Free Wifi දෙනවා කියලා පොරොන්දු වුණා නෙහ්. ඒ නිසයි දුන්නෙ" කියලා.

මේ, මාස කිහිපයකට කලින් මගේ මාමා කෙනෙක් මට කියපු කතාවක්.

මේ සිද්ධියේ කතානායකයා වෙන ඒ ඥාති සහෝදරයා, 2016 අවුරුද්දේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වුණා. මේ මොහොතේ එයා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන ඕස්ට්‍රේලියාවේ ස්ථීර ලෙස පදිංචිවෙලයි ඉන්නෙ. මම මේ සටහන ලියන්නේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ රජයේ කඹ ඇදීම සහ දුර්වල පාලන ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් විදිහට ලංකාවට එල්ල වුණු ISIS ත්‍රස්ත ප්‍රහාර මාලාව සහ රට වටෙන්ම මහා පරිමාණ අවි ආයුධ සොය ගැනීම් නිසා මුළු රටම භීතියෙන් ඇවිලිලා තියෙන මොහොතකයි. ඒ වගේම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට, ආරක්ෂක හේතුන් මත සියලුම වෙසක් සැමරුම් අවලංගු කරලා තිබෙන මොහොතකයි.

මම අපේ රටේ හැම උගත් බුද්ධිමත් දෙමාපියෙක්ගෙන්ම ඉල්ලන්නෙ, තමන්ගේ දරුවන්ට අපේ රටේ සැබෑ දේශපාලනික පසුබිම සහ සැබෑ දේශපාලනික ඉතිහාසය ගැන කියා දෙන්න කියලයි. නොමිළයේ WIFI ලබා ගැනීමේ පටු චේතනාවට තමන්ගේ ඡන්දය භාවිතා කරපු ඔහු අද ලෝකයේ තියෙන සාමකාමී සහ සුඛෝපභෝගී රටක සුර සැප විදිනවා. අපි, අද ලෝකයේ තිබුණු සාමකාමී සහ ලස්සන රටක අපා දුක් විදිනවා.

ත්‍රස්තවාදී ප්‍රහාර විතරක්ම නෙවේ....... මහා බැංකු බැඳුම්කර වංචාව, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවල මිළ ඉහළ යෑම, රථවාහන මිළ ඉහළ යෑම සහ අධික බදු බර, බැංකු ගිණුම්වලට බදු ගැසීම (රාවයකි), විල්පත්තු වන විනාශය, රටේ වැදගත් ආර්ථික මධ්‍යස්ථාන අවම ලාභයක් ලැබෙන ලෙස විදේශීය රටවලට විකිණීම, සමාජ ජාල තහනම් කිරීම, මහා පරිමාණ දෛනික විදුලි කප්පාදුව, ECTA, ජාතික සමගිය ඇති කළ යුතු අවස්ථාවන්හීදී සිංහල ජාතිය පිළිබදව අවතක්සේරු කිරීම, පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශය, උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කිරීම, පොලීසිය අකාර්යක්ෂමවීම, නීතිය සහ සාමය සාමාන්‍ය ජනතාවට පමණක් ක්‍රියාත්මකවීම (සෑම රජයකටම පොදුය), මහා සංඝරත්නයේ අවවාද නොපිළිගැනීම, රටේ ආරක්ෂාව පිළිබඳව නොසැළකිලිමත්වීම, සෑම විටම බටහිර සහ යුරෝපීය රටවල උපදෙස් පමණක් පිළිගැනීම, වගකිව යුතු දේශපාලඥයන් විසින් වසර ගණනාවක් පුරාවට සිදු කරනු ලබන මෝඩ ප්‍රකාශන (සෑම රජයකටම පොදුය)............. ආදී වශයෙන් මේ කාලය තුළ ලංකාවේ ජීවත්වෙන සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම බැට කාපු අවස්ථා ගැන පිටු 100ක් වුණත් ලියන්න පුලුවන්.

මෛත්‍රිපාල ජනාධිපතිවරයාට ඡන්දය ලබා දීම සම්බන්ධව මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඡන්දය ලබාදීම තමන්ගේ අයිතියක්. නමුත් ඡන්දය ලබා දෙන අවස්ථාවේදී, Free Wifi වැනි පටු ආසාවන් අමතක කර, අතීතය වර්තමානය සහ අනාගතය ගැන.....

ඇයි මේක මෙහෙම වුණෙ..??? මේක මෙහෙම්මම වෙන්න ඕනද..??? මේක මෙහෙම වෙන්නෙ නැතුව මෙහෙම වෙන්න බැරිද..??? මේක මෙහෙම වෙන්නෙ නැතුව, මෙහෙම වුණා නම්, ඇයි අරක මෙහෙම නොවුණේ..??? බැරිවෙලාවත් මේක මෙහෙම වුණා නම් මොකක් වෙයිද..??? මේක මෙහෙම නොවුණා නම් මොකක් වෙයිද..??? "

ආදී වශයෙන් තර්ක විතර්ක කරමින්, විචාර පූර්වකව කල්පනා කරලා, ප්‍රතිපත්ති සන්සන්ධනය කරලා බලලා ඡන්දය ලබාදීම තමයි නිවැරදිම පියවර විය යුත්තේ...!!!!!!


Photo Credits - www.newsfirst.lk
By : Danula

No comments:

Powered by Blogger.