කරුමක්කාරයෝ


1 පුද්ගලයා : මේ පාර ගෙදර ඔක්කොමලා අපේ A පක්ෂයට නේද?

2 පුද්ගලයා : මමයි, නෝනයි, පොඩි දුවයි නම් කොහොමත් A පක්ෂයට තමයි. ලොකු දුව නම් C පක්ෂයට දෙනවා කිව්වා.

1 පුද්ගලයා : ආපෝ ! C පක්ෂයට දීලා මොනවා කරන්නද බං? ලොකු දුවව කොහොම හරි අපේ A පක්ෂයට නම්ව ගනින්. ලොකු දුවගේ ඡන්දය කොහොම හරි අරගෙන දියන් අපේ A පක්ෂයට. තව සතියයි තියෙන්නෙ. වෙලාවෙ හැටියට එක ඡන්දයක් වුණත් වටිනවා.

2 පුද්ගලයා : බලමු ඉතින්.

1 පුද්ගලයා : බලමු කියලා බෑ. තව සතියයි තියෙන්නෙ. උඹට දවස් කීයකින් මේ වැඩේ කරන්න පුලුවන් වෙයිද? කොහොම හරි එයාගෙ හිත වෙනස් කරලා, අපේ A පක්ෂයට අරගනින්. පොඩි දූ මොකද කියන්නෙ?

2 පුද්ගලයා : එයා නම් A පක්ෂයට තමයි.

1 පුද්ගලයා : පොඩි දුවට යාලුවො එහෙම ඇති නේද? පොඩි දුව ලව්වා එයාගෙ යාලුවොන් අතරට ප්‍රචාරණය යැව්වා නම් හරි. අපේ A පක්ෂයෙන් කරපු හොද වැඩ සහ B, C වගේ පක්ෂවලින් කරපු නරක වැඩ එහෙම කියලා... පොඩි අය අතරෙ ඔය වගේ දේවල් ලේසියෙන් ප්‍රචාරණය කරන්න පුලුවන්. එහෙම වුණොත් අපේ A පක්ෂයට ඒකෙනුත් ඡන්ද 10ක් 15ක් එකතු කරගන්න පුලුවන් නෙහ්.

* සටහන -
ඉහතින් දැක්වෙන්නේ වයස අවුරුදු 50ට ආසන්න වෙමින් පවතින අප රටේ එක්තරා ප්‍රධාන දේශපාලන පක්ෂයක "උග්‍ර" සාමාජිකයන් දෙදෙනෙකු විසින් පසුගිය සතියක සිදු කරන ලද සංවාදයක කොටසකි. "කැපුවත් අහවල් පක්ෂයෙ", "අපි පරම්පරාවෙන්ම අහවල් පක්ෂයේ" කියා ගන්නා අප රටේ වැඩිහිටි පිරිස්, අප රටෙහි අනාගත පරපුරෙහි විචාර පූර්වකව සිතීමේ හැකියාව, ස්වාධීනත්වය, කැමැත්ත සහ නිදහස් චින්තනය ආදී දෑ මොට කරනුයේ මෙලෙසිනි.


Photo Credits - www.parenting-journals.com/
By : Danula

No comments:

Powered by Blogger.