මාමේ..... ඉඩක්


අද ගමේ පන්සලේ දහම් පාසලේ 2020 වර්ෂය වෙනුවෙන් අලුත් ළමයි ඇතුළත් කර ගන්න දවස. මමත් ඉතින් අද ආවා පන්සල පැත්තට. උත්සවයට වෙලා තියෙන නිසා දාගැබ පැත්තට වෙලා හිටියා....

ඔහොම ඉන්න වෙලාවෙ පුංචි ගෑහැණු ළමයෙක් ඇවිල්ලා "මාමේ..... ඉඩක්" කියලා කිව්වා.

බැලින්නම් මල් ආසන, මල් වට්ටි වලින් පිරිලා. අලුතෙන් මල් වට්ටියක් තියන්න ඉඩක් නෑ. මාත් ඉතින් එයාගෙ මල් වට්ටිය තියන්න ඉඩක් හදලා දුන්නා.

ඒ කාලයේ දහම් පාසලේ පුංචි දුවලා පුතාලා වුණු අපි, දැන් නැන්දලා මාමලා වෙලා. අහෝ අපගේ ළමා කාලය!
By : Danula

No comments:

Powered by Blogger.