ඒක තමයි ඇත්ත


මම - දැන්ම කෑම බෙදා ගන්න එපා.

තාත්තා - ඇයි?

මම - අම්මා එනකන් පොඩ්ඩක් ඉන්න.

තාත්තා - මට බඩගිනියි.

මම - අම්මා ආවම තුන් දෙනාම කමු. නැත්නම් තාත්තා කලින් කන්න පටන් ගනීවි. මැදක් හරියෙදි අම්මා එයි. අම්මයි මමයි කන්න ගනිද්දි තාත්තා කාලා ඉවර කරලා නැගිටලා යාවි. අම්මයි මමයි තනි වෙයි.

තාත්තා - ඉතින් ඒක තමයි ඇත්ත. කොහොමත් ඔයාටයි, අම්මටයි කලින් මම යනවා. එතකොට ඔයයි අම්මයි තනි වෙනවා. ඒක තමයි ලෝකෙ හැටි.
By : Danula

No comments:

Powered by Blogger.