Lockdown ද? Black Hawk Down ද?


මං Black Hawk Down පළවෙනි වතාවට බැලුවෙ 2008 අවුරුද්දෙ. චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේ තියෙනවා රතු කුරුසෙන් දීපු කෑම සහ වියලි ආහාර ද්‍රව්‍ය ගොඩකට සෝමාලියාවේ මිනිස්සු රණ්ඩු වෙන සහ මරාගන්න දර්ශනයක්.

ඒ දර්ශනය බලපු පළවෙනි වතාවෙ මට හිතුනෙ "Film එකේ ඔහොම නම් ලෝකයේ ඇත්තට සිදු වෙන සිදුවීම් කොහොම ඇද්ද?" කියලයි. ඒ වගේම "ඉපදුනු දවසෙ ඉදන්ම 3 වන ලෝකයේ රටක් කියලා සම්මත කර ගත්ත කැටගරියක හිටියත්, අපේ රටේ ඔහොම සිද්ධි නැති නිසා අපි කොච්චර වාසනාවන්තද?" කියලත් හිතුනා. එදා විතරක් නෙවේ, චිත්‍රපටය බලන හැම වතාවකම ඔය සිතුවිල්ල මට ආවා.


මේ දවස් වල ගෙවල් වල හිර වෙලා ඉන්න අපිට ආහාර, වියළි අහාර ද්‍රව්‍ය, එළවළු, පළතුරු, මාළු එකී නොකී දේවල් ලබා ගන්න පුලුවන් වෙන විදිහට වෙළදාම් කරන අයට විශේෂ බලපත්‍ර නිකුත් කරලා තියෙන නිසා දැන් අපි කොයිවෙලේ බැලුවත් ඉන්නෙ හරිම විමසිල්ලෙන්.

වාහනයක Horn සද්ධයක් ඇහෙන්නෙ කොයි වෙලාවෙද, ඒ හැම සැරේම අපි දොර ඇරගෙන එළියට යනවා. දවස පුරාම එහෙමයි. සමහරක් ඒවා නීති විරෝධිව පාරෙ යන වාහන. ඒත් සමහරක් ඒවා ඇත්තටම එළවළු, පළතුරු, බිත්තර,පාන්, කෙටි ආහාර ආදී අත්‍යාවශ්‍ය ආහාර විකුණන වාහන.

එතකොට ඉතින් අහළ පහළ ගෙවල් වල ඉන්න අය පේළි හැදෙනවා ඒවායෙන් මොන මොනවා හරි අරගන්න. වට වෙන අවස්ථාත් නැතුවා නෙවේ.

ඒ දර්ශන දකින හැම වෙලාවෙම දැන් මට මතක් වෙන්නෙත් Black Hawk Down එකේ ආරම්භක දර්ශනයම තමයි. මේ දර්ශනය තරමටම කටුක නැති වුණත්.......... ලංකාවේ හැම පහසුකමක්ම තියෙන, කිසිම අඩුපාඩුවක් නැති, විශේෂයෙන්ම කොළඹ නාගරික පරිසරයක ජීවත් වෙන අපිටත් මෙහෙම දවසක් උදා වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවද...????? 🤔🤔🤔

2020.04.04 - ලංකාව පුරා සීඝ්‍රයෙන් COVID-19 වෛරසය (නව කොරෝනා) ව්‍යාප්ත වෙමින් යන කාලයක...

Photo Credits - www.wallpaperaccess.com
By : Danula

No comments:

Powered by Blogger.