අපි වෙනුවෙන්


දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් බණ අහලා සංසාරෙන් එතෙර වෙන්න පුලුවන්කම තියෙද්දි අපි වෙනුවෙන් ඒ අවස්ථාව අතෑරියා.

සාරසංඛෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අපි වෙනුවෙන් එක එක ආත්මවල ඉපදුනා.

සක්විති රජ කෙනෙක් වෙන්න වාසනාව තියෙද්දි වන ගතවෙලා බඩයි පිටයි එකට ඇලෙනකන් අපි වෙනුවෙන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා.

අවුරුදු 45ක් එක දිගට, එක එක අයගෙ නින්දා අපහාස මැද ගිරි, වන, ජල දුර්ග හරහා ගම් නියම් ගම් සිසාරා අපි වෙනුවෙන් වැඩම කළා.

අවුරුදු 45ක් තිස්සෙ දවසකට පැය විසි දෙකක් අපි වෙනුවෙන් ඇහැරගෙන හිටියා.

ඒත්............. අපි..??????
By : Danula

No comments:

Powered by Blogger.