පෝස්ටර් යුද්ධය


ගෙදර ළග අති විශාල තාප්පයකි. සති කිහිපයකට පෙර එහි එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අජන්තා පෙරේරාගේ පෝස්ටර දෙකක් විය (පරිසරයට ආදරේ කරන හරි අපූරු කෙනෙක් නොවෑ?).

ඊට පසු සතියේ එම පෝස්ටර් දෙකට උඩින් සමඟි ජන බලවේගයෙන් තරග වදින එරන්ද වැලිඅංගෙගේ පෝස්ටර දෙකක් විය.

ඊට පසු සතියේ එම පෝස්ටර් දෙකට උඩින් සමඟි ජන බලවේගයෙන් තරග වදින පාඨලි චම්පික රණවකගේ පෝස්ටර දෙකකි.

ඊටත් පසු සතිය වන විට එම පෝස්ටර් දෙකද උඩින් සමඟි ජන බලවේගයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ පෝස්ටර් දෙකකි.

දින කිහිපයක් ගත විය. නැවතත් එම පෝස්ටර් දෙක උඩින් සමඟි ජන බලවේගයෙන්ම තරඟ වදින ලෙනාඩ් කරුණාරත්නගේ පෝස්ටර් දෙකක් අලවා තිබෙනු දක්නට ලැබිනි.

ඊට පසු සතිය, එනම් මේ සතිය වන විට එම පෝස්ටර් දෙක උඩින් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින උදාර රත්නායකගේ පෝස්ටර් දෙකක් අලවා ඇත 🤪🤪🤪
By : Danula

No comments:

Powered by Blogger.