හෙන ඈත තියෙන අනාගතයක්


2020 March = Covid-19 Global Outbreak

අපිත් එහෙම තමයි. ඉස්සර හැමදාම Channel Eye එකේ Discovery පෙන්නුවා. ITN එකේ හැමදාම හවසට National Geographic පෙන්නුවා. ටයි මාමා, රූපවාහිනියෙ ඉන්න කාලේ විද්‍යාව, තාක්ෂණය සහ ලෝකය ගැන සිංහලෙන් හඬ කවපු වාර්තාමය වැඩසටහන් මාලාවක් පෙන්නුවා.

ආතර් සී ක්ලාක්ගෙ පොත්, මිහිර පත්තරේ, විජය පත්තරේ..... මේ හැම එකක්ම බලපු කියවපු අපිත් හිතුවෙ මේ වගේ කාලයක් වෙනකොට ලෝකයේ මේ මේ දේවල් වෙලා තියෙයි කියලා..

ඒත් තාමත් හඳේ ජනාවාස හැදුනෙ නෑ. මිනිසා අගහරු වලට ගියේ නෑ. අහසෙ පි‍යාඹන කාර් පේන්න නෑ. සමහරක් පිළිකා වලට නිශ්චිත බෙහෙතක් තවමත් නෑ. Humanoid Robotsලා මිනිසාට අතට පයට වැඩ කරලා දෙන්නෙ නෑ. තාමත් මිනිස්සු 100%ක් අන්තර්ජාලයට ඇවිත් නෑ. Mobile Phones භාවිතා නොකරන අය ඕනෑතරම් ජීවත් වෙනවා. තවමත් රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් භාවිතය තියෙනවා.

චිත්‍රපට වල තියෙනවා වගේ පිටසක්වල ජීවයක් තවමත් හොයාගෙන නෑ. තවමත් කාලය තරණය කිරීම ප්‍රහේලිකාවක්. මිනිසාගේ ආයු කාලය වැඩි වෙනවා වෙනුවට, අවම වෙමින් යනවා. පොත්පත් භාවිතය නතර වෙලා නෑ. තවමත් මාලදිවයින් දූපත් මුහුදෙන් යට වෙලා නෑ. තවමත් රියදුරන් නොමැති ස්වයංක්‍රීය වාහන, වෙළදපලට නිකුත්වෙලා නෑ. තවමත් ලෝකයේ තෙල් නිධි ඉතුරු වෙලා තියෙනවා. තුන් වන ලෝක යුද්ධයක් ආරම්භ වුණේ නෑ.

බලන් ගියාම අපි හිතලා තියෙන්නෙ තවත් හෙන ඈත තියෙන අනාගතයක් ගැන................... 🤔
By : Danula

No comments:

Powered by Blogger.