බද්දේගම සමිතාභිධාන

බද්දේගම සමිත හිමියන් අපවත් වෙයි - 2021.05.30 (පුවතක්)

" බද්දේගම සමිත හාමුදුරුවො අපේ නෑයොත් වෙනවා. හෙන දරදඩුයි. ලංකාවෙන් පාර්ලිමේන්තු ගියපු පළවෙනි හාමුදුරුවො තමයි සමිත හාමුදුරුවො කියන්නෙ.

හාමුදුරුවෝ ඉස්කෝලෙ යන කාලයේ හෙන JVPකාරයෙක්. ඉතින් දෙවතාවක්ම ගෝරි දාගෙන ඉස්කෝලෙන් එලෙව්වා. දෙවෙනි පාර එලවපු වෙලාවේ ඉස්කෝලෙ එළියේ ඉන්නකොට, පංති භාරව හිටපු මිස් ඇහුවලු 'ඇයි එළියේ ඉන්නේ?' කියලා. පස්සේ ඉතින් විස්තරේ කිව්වලු. ඊට පස්සේ විදුහල්පති ළගට ගිහින් මිස් කිව්වලු 'සර් මේ ළමයව අරගන්න. නැත්නම් මාත් මේ ඉස්කෝලෙන් අස් වෙනවා' කියලා. ඊට පස්සේ ආයිත් හාමුදුරුවන්ව ඉස්කෝලෙට අරගත්තලු.

හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට තේරුණා කියලා දැනගත්තම, හාමුදුරුවෝ කල්පනා කළාලු කාටද මුලින්ම මේ සතුටුදායක ආරංචිය කියන්නේ කියලා. මුලින්ම මතක් වුණේ අර මිස්වලු. පස්සේ හාමුදුරුවෝ මිස්ව හොයාගෙන ගිහින් මිස්ව බදාගෙන (සිවුරක් දරාගෙනම), මිස්ට ඒ ආරංචිය කිව්වලු. ඉතින් මිස් හොදටම ඇඩුවලු සතුට දරාගන්න බැරුව. හාමුදුරුවොත් ඇඩුවලු. ඒ මිස් නිසාලු හාමුදුරුවෝ හොදට ඉගෙනගෙන, මහණ වෙලා හොද ගමනක් ආවේ. මිස් එදා හාමුදුරුවන්ව ඉස්කෝලෙට ගත්තේ නැත්නම්, JVP නිසා පොලීසියෙන් වෙඩි කාලා මැරෙන්න තිබ්බලු.

ඉස්සර ඉංග්‍රීසි බෑ. කැඩිච්ච ඉංග්‍රීසිවලින් කතා කළේ. ඉතින් හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි කතා අහන අහන අය හිනා වුණා. පස්සේ හාමුදුරුවෝ හොදට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අද හාමුදුරුවන්ට හොදටම ඉංග්‍රීසි පුලුවන්. හාමුදුරුවෝ ආගමික සහජීවනය වෙනුවෙන් ගොඩක් දේවල් කළා. ඒ නිසා අනිත් ආගම්වල අයවත් හොදට දැන අදුර ගත්තා.

ඒ කාලේ පල්ලියේ Mother කෙනෙක් නැති වුණා. මේ හාමුදුරුවෝ අවමංගල්‍ය උත්සවේ පටන් ගන්නත් සෑහෙන වෙලාවකට කලින් ආවා. ඇවිත් එතන අයත් එක්ක කතා කරලා, උත්සවය ගැන එහෙම හොයලා බැලුවා. පස්සේ වාඩි වෙලත් හිටියා. හාමුදුරුවොත් කතාවක් පැවැත්තුවා. භූමදානය කරලා ඉවරවෙලත් සෑහෙන වෙලාවකට පස්සේ තමයි හාමුදුරුවෝ ගියේ. එතනට ආපු Fathersලා, Mothersලා, Sistersලා හැමෝම අතරින් හාමුදුරුවෝ කැපී පෙනුනා. මොකද අර හැමෝම සුදු පාටටනේ අදින්නේ. ඉතින් සුදු ඇදන් ඉන්න 1000ක් විතර අය අතරින්, තැඹිලි පාට සිවුර නිසා හාමුදුරුවෝ කැපී පෙනුනා. "

---------------------------
බද්දේගම සමිත හිමියන් ගැන සීයා කියපු කතාවක්...

සීයා කියපු තවත් කතා මෙතනින් - http://danulawickramaarachchi.weebly.com/------352335393514353534843546-35153523-348235013535.html
By : Danula

No comments:

Powered by Blogger.