වැව් විනාශ කිරීම සහ Covid-19

ඒ කාලෙ උසස් පෙළ ලංකා ඉතිහාසය ඉගෙන ගන්නකොට, අපේ ඉතිහාසය ගුරුතුමා (නිමල් රණසිංහ සර්) ලංකාවේ රජරට ශිෂ්ටාචාරයට එල්ල වුණු ආක්‍රමණ ගැන විස්තර කරනකොට, නිතරම කියන්න පුරුදු වෙලා හිටපු දෙයක් තිබුණා.

" ඒ කාලේ ලංකාවේ ප්‍රධාන ආර්ථිකය වුණේ කෘෂිකර්මාන්තයයි. අපේ රටට එල්ල වුණු හැම දකුණු ඉන්දීය ආක්‍රමණයකදිම උන් "පළවෙනියටම" කළේ අපේ වැව් ටික විනාශ කරපු එකයි. කෘෂිකර්මාන්තයට අනිවාර්යෙන්ම වැව් අවශ්‍යයි. වැව් විනාශ වුණාම කුඹුරු කරන්න වතුර එන්නෙ නෑ. වතුර එන්නෙ නැති වුණාම කුඹුරු කරන්න බෑ. කුඹුරු කරන්න බැරි වුණාම සහල් නිෂ්පාදනය කරන්න බෑ. සහල් නෑ කියන්නෙ මිනිස්සුන්ට බත් නෑ. බත් නෑ කියන්නෙ මිනිස්සු බඩගින්නේ.

ඉතින් මිනිස්සුන් බඩගින්නෙ ඒක ගැනම හිත හිතා හිටියා මිසක්, රටට එල්ල වෙලා තියෙන විදේශීය ආක්‍රමණ වලට විරුද්ධව සටන් කරන්න ඉදිරිපත් වුණේවත්, ආක්‍රමණිකයින්ව රටින් පන්නන විදිහ ගැන හිතන්න පෙළඹුනේවත් නෑ.

ඒ නිසා වැව් අමුණු විනාශ කළාට පස්සෙ උන් සිංහාසනයට උරුමකම් කියන අයව, හාමුදුරුවරු, ප්‍රභූවරු, සාමාන්‍ය මිනිස්සුන්ව ඝාතනය කරන්න ගත්තා. වෙහෙර විහාර විනාශ කරන්න ගත්තා. ධනය මංකොල්ල කන්න පටන් ගත්තා.

ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ මොකුත් පෙනුනෙ නෑ. එයාලට පෙනුනෙ සහ දැනුනෙ බඩගින්න විතරයි. ආක්‍රමණිකයො ඒ නිසා පහසුවෙන්ම එයාලගෙ ඉතුරු වැඩ ටික කිසිම කරදරයක් නැතුව කරගෙන ගියා. "

--------------------------------------------
රට යන අත ගැන හිත හිතා ඉන්නකොට, එක පාරටම මතක් වුණු අතීත කතාවක්... 🤔

Full Lockdown එකක් පේන තෙක් මානයකවත් නැති, රටේ පවතින අතිභයානක කොරෝනා අවධානමත් එක්ක (2021.05.08), දැන් හැමෝම අංක එකට හිතන්නෙ සහ බලන්නෙ කොහොමද කොරෝනා හදාගන්නෙ නැතුව ආරක්ෂා වෙලා ඉන්නෙ කියලයි.

මිනිස්සුන්ගෙ අවධානය වෙන අතකට යොමුවෙලා තියෙන නිසා, ඒ අස්සෙ ඉතින් අනිත් හැම රජයක්ම වගේ, දැන් ඉන්න රජයත්.......
By : Danula

No comments:

Powered by Blogger.