ආනන්දෙට මම කරපු ලොකුම සේවය

1 වසරෙ ඉදන්ම ආනන්දෙ හිටියත්..... පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව බාලදක්ෂ, චිත්‍ර කලා සන්සදය, උරුමය සුරකින්නන්ගේ සංගමයට වගේ බොහොම පුංචි සංගම් ටිකක මහන්සි වෙලා වැඩ කළත්, පාසල වෙනුවෙන් එක එක දේවල් වලට පුලුවන් විදිහට සහභාගි වුණත්, ජයග්‍රහණ අතලොස්සක් හරි අරන් දුන්නත්...... ආනන්දෙ ගැන අනන්තවත් ලිපි ලිව්වත්...... නිතරම ඔලුවට වද දීපු දෙයක් තමයි, ආනන්දෙ අවුරුදු 13ක් හිටියත්, ආනන්දෙට මගෙන් වුණු සේවය මදි නේද කියලා.......

ඒත් මේ පෝස්ටරේ දැක්කම ඒ සිතුවිල්ල නැති වුණා. ආනන්දෙට මම කරපු ලොකුම සේවය තමයි, ආනන්දෙ නම කන්නෙ නැතුව, ආනන්දේ ගෞරවය ආරක්ෂා කරගෙන ජීවත් වෙන එක.... 🤗
By : Danula

No comments:

Powered by Blogger.