හැම දෙයක්ම කියන්න එපාද?

"හැම දෙයක්ම නැතත්", "සමහරක් අවස්ථා වලදි" පෙළක් දේවල් සමහරක් අයට, එහෙමත් නැත්නම් Social Media වලින් කියන එක මගේ පුරුද්දක්......

ඒකට ලොකුම හේතුව, එහෙම අඬ බෙරයක් ගහලා සංදර්ශනයක් දැම්මම හැමෝම, මෙහෙම දෙයක් කරන්න යනවා කියලා දැනගන්නවා......... පෙළක් වැඩ පටන් ගත්තායින් පස්සෙ ඒ වැඩේ අවසානය වෙනකන් කරන්න කම්මැලි හිතෙන වෙලාවල් සෑහෙන්න තියෙනවා. සතියෙන් කරන්න ඕන වැඩේ මාසයක් අත ගාන අවස්ථා තියෙනවා. පස්සෙ කරනෝ කියලා ඉන්න අවස්ථා තියෙනවා. අමතක වෙන අවස්ථා තියෙනවා.

ඒත් මේ විදිහට අඬබෙරේ ගැහුවම, කම්මැලිකම අතෑරලා දාලා ඒ වැඩේ අනිවාර්යෙන්ම කරන්නම වෙනවා........ නැත්නම් කට්ටියට මුහුණ දෙන්න බැරි වෙනවා. කොටින්ම කිව්වොත් රෙදි ඉල්ලෛ වෙනවා. ඉතින් එහෙම වැඩක් කරන්න ඕන කරන Motivation එක එන්නේ ඒකෙන්.

ඒ නිසා "හැම වැඩේම නැතත්", පෙළක් වැඩ ගැන, වැඩේ කරන්න කලින් ප්‍රසිද්ධ කරන එක මගේ හැටියක්.

ඒ වගේම තවත් සුළු අරමුණක් තියෙනෝ. වැඩේ ඉවර වෙන්න කලින් මම මළොත්, කවුරුත් දන්නෙ නෑ මම එහෙම වැඩක් කරන්න හිටියා කියලා. හැබැයි මම මළත් කට්ටිය දන්නවා මූ මෙහෙම දෙයක් කරන්න හිටියා නේද කියලා. සමහරවිට, ඒ හරහා වෙන කෙනෙක් මම වෙනුවෙන් ඒ වැඩේට අතගහන්නත් පුලුවන්.

ප.ලි - ටිපර් වලට Parking Ticket ටිකක් කඩ කඩ ඉන්න වෙලාවක් නෑ. තව පාරක් උද්දෘතපාඨ ඇතුළෙ තියෙන වචන හරියට කියවන්න.
By : Danula

No comments:

Powered by Blogger.