ඊට පස්සෙ?

2000ට කලින් ඉපදුණු අයට නම් ජාතික රූපවාහිනියෙ විකාශනය වුණු දියකඩ ඉම කියලා කියන්නෙ හරිම සමීප ටෙලි කතා මාලාවක්. ඒකෙ තියෙන්නෙ දූෂිත රජයකට විරුද්ධව තැන් තැන්වල, තනි තනිව සටන් කරපු සහ අසාධාරණයට ලක් වුණු එක එක සමාජ මට්ටම් වල හිටපු 108 දෙනෙක්....... සෙබළු දස දහසක විතර හමුදාවක් හදාගෙන, කණ්ඩායමක් විදිහට එකට එකතු වෙලා කරගෙන යන අරගලයක් ගැනයි. හැබැයි මේක නම් සාමකාමී අරගලයක් නෙවේ. හරිම බිහිසුණු සහ ප්‍රචණ්ඩකාරී අරගලයක්.

අරගලය දිනන්න ඔන්න මෙන්න තියෙද්දි, අරගලයේ මුලසුන හොඹවන නායකයා අරගලකරුවො එක එක්කෙනා ළගට ගිහින් අහනවා........... යුද්ධය දින්නට පස්සෙ (අරගලය දින්නට පස්සේ), ඊළගට මොකක්ද ඔයාලා කරන්න ඉන්නෙ කියලා.

ඒත් ඒ කාටවත් දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. හැමෝම අරගලය දිනන සිහියෙන් සටන් කළාට........ ජයග්‍රහණය කළාට පස්සෙ එතනින් එහාට තමන් මොකක්ද කරන්නෙ සහ තමන්ට සහ අනුන්ට වෙන පසු කාලීන දේශපාලනික, සාමාජීය, ආර්ථික බලපෑම මොන වගේද කියලා හිතලා නෑ...

ඊයේ රෑ පාර්ලිමේන්තුව ළග වුණු සිද්ධියේ ප්‍රවෘත්ති බලනකොට, නිකං මේක මතක් වුණා 🙃
By : Danula

No comments:

Powered by Blogger.