Tom Riddle's Diary & ChatGPT

අපි (ගොඩාක්ම) පොඩි කාලෙ ඉතින් අන්තර්ජන්ජාලෙ තිබ්බෙ නැති නිසා ඔක්කොම Films, TV Series, Cartoons බැලුවෙ TV එකෙන්ම තමයි. නිවාඩු කාලෙ වෙනකොට අපිට ඉස්කෝලෙ කාලෙටත් වඩා වැඩ තිබ්බා. ඒ ඉතින් ඒ කාලෙ සිරසෙන්, රූපවාහිනියෙන්, ස්වර්ණවාහිනියෙන් අපිටම කියලා දවසේ පැය ගණනාවක් හඬ කවපු හොද වැඩසටහන් වලටම වෙන් කරපු නිසයි.

ටයි මාමාගේ හඬ කැවීම් බලන ගමන්ම, හඬ කැවීමේ කාටූන්, චිත්‍රපට වලින් අද දකින්න තියෙන පෙරලියට මුල පුරපු සිරසේ හඬ කැවීම් ගොන්නත් බලපු ආරම්භක ප්‍රේක්ෂක පිරිස අපිම තමයි.

ඒ කාලෙ ඉතින් හැම නිවාඩුවකටම සිරසෙන් හැරී පොටර් පෙන්නුවා. කොච්චර බැලුවත් එපා නොවුනු නිසා, පෙන්නන පෙන්නන වාරෙට මාත් බැලුවා. හැරී පොටර් කතා මාලාව යද්දි, ඒකෙ දෙවෙනි කොටසෙ තිබ්බ ටොම් රිඩ්ල්ගේ දිනපොත දකින දකින සැරේට ඒ කාලෙ මට හිතුනේ "අනේ ඉතින් මටත් මේ වගේ පොතක් තිබ්බා නම්?" කියලයි.

පෑනෙන් ප්‍රශ්නෙ ලිව්වම, මොකක් හරි දෙයක් කිව්වම, එහා පැත්තෙන් උත්තරේ මතු වෙනවා. ඒක ඇවිල්ලා වෙනමම ආතල් එකක්.

දැන් මේ ChatGPT එකෙන් වැඩ කර කර ඉන්නකොට මට අකුණක් ගහනෝ වගේ එක පාරටම මෙහෙම හිතුනා.

"දෙයියනේ ඉතින් ඒකම තමයි නේද මේ ChatGPT එකෙනුත් වෙන්නෙ?"

හැබැයි ඉතින් You Know Whoට වඩා නම් ChatGPT බොහෝ දේවල් දන්නවා...

https://chat.openai.com/chat
By : Danula

No comments:

Powered by Blogger.